දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

4.00 ට නිකුත් කරන ලද සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව. අද (01) උදෑසන කාලයේදී ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

මීදුම් සහිත ප්‍රදේශවල දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් උදෑසන ගමන් කිරීමේදී අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *