LPL ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සහ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 20කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ‘දඹුල්ල අවුරා’ කණ්ඩායමට ආරධනා කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 41ක් හා Ben McDermott ලකුණු 37ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවාගත්තේය.
ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ, ලකුණු 142ක් පමණි.
මෙම ජයග්‍රහණයත් සමග LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන සිය ස්ථානය තවදුරටත් රැකගැනීමට ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සමත් විය.