“තීන්දුවක පිටපතක් ලබාදීමට රුපියල් 500ක අල්ලසක්”: අධිකරණ කාර්යාල සහායකයෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත අධිකරණ කාර්යාල සහායකයෙකු  රුපියල් 500ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පස්වරු 3.35ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

2026 ජුනි 30 වැනිදා සමථයකට පත් වූ මූල්‍ය ආරවුලකට අදාළ නඩු තීන්දුවක පිටපතක් ලබාදීම සඳහා අදාළ නිලධාරියා මුදල් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කරුණු තහවුරු වීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *