සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළේය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 141 පමණී.