තම උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලු නොකර බදියුදීන් අත්අඩංගුවට ගන්න – නීතිපති කියයි

තම උපදෙස් හා අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකොට රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට ඊයේ (15) වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙණෙවිය පවසා සිටියි.

නීතිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නීතිපතිවරයා විසින් ඊයේ පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ මෙම උපදෙස් ලබා දී ඇත.

නීතියේ ආදිපත්‍ය රැකගනිමින් කටයුතු කරන ලෙසටත් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය නැතිවන අයුරින් නොව එම විශ්වාසය ඇති වන අයුරින් කටයුකු කරන ලෙසත් නීතිපතිවරයා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදෙමින් පවසා සිටි බවද රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *