ඩිලන්ත මාලගමුව සහ අගමැති මහින්ද අතර හමුවක්

Share this Article

ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වදින ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඊයේ (26) දිනයේ මහින්ද රාජපක්ෂ මහතා හමුවී ආශිර්වාද ලබා ගෙන තිබේ.

මෙරට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා එක්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 5 සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවල් හිදී පැවැත්වීමට නියමිතයි.

වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව මහතාට මෙවර ද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වේවායි අගමැතිවරයා විසින් සුභ පැතුම් එක් කළ අතර, ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රය ලැබීම පිළිබඳ එහිදී විශේෂ සටහනක් තැබූ ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයටත්, එම කටයුතු සම්පාදනය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයටත් ස්තූතිය පළ කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.