ජාතික හැඳුනුම්පත් සඳහා පූර්ව මුද්‍රිත කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට ගිවිසුමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පූර්ව මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන ප්‍රසම්පාදන ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ජර්මනියේ M/s Muhlbauer ID Services GmbH සමාගම වෙත පිරිනමා තිබේ.

2025 අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමක් හරහා මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබූ අතර, ඒ සඳහා ලංසු 8ක් ඉදිරිපත් වී තිබේ.

ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කළ ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික හා ප්‍රසම්පාදන අවශ්‍යතාවලට සැලකිය යුතු ලෙස අනුකූල වූ ලංසුකරු ලෙස ජර්මානු සමාගම තෝරාගෙන ඇත.

අදාළ කොන්ත්‍රාත්තුවේ වටිනාකම යුරෝ මිලියන 4.93ක් වන අතර, ජාතික හැඳුනුම්පත් දිවයින පුරා නිකුත් කිරීම සඳහා මෙම කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත සැපයීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *