ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්ණ කිරීම ඇරඹේ

කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් අසූ ලක්ෂයකට ආසන්න මුදලක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් ඊයේ (10) ආරම්භ කෙරුණා.

පැය 48 ක කාලයක් රඳවා තබා ගනිමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අදාළව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පොලීසිය වෙත අවසර ලබා දී තිබුණා. ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ එම අවසරය මත පදනම්වයි.

සෙල්ලම් පිස්තෝලයක් යොදා ගනිමින් ජාතික රෝහලේ මුදල් අයකැමිවරිය බිය ගන්වා මෙම මංකොල්ලය සිදුකර තිබුණා. මේ වන විට අනාවරණ වී ඇත්තේ අදාළ වෛද්‍යවරයා පශ්චාත් පුහුණුව සඳහා පැමිණි වෛද්‍යවරයෙකු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *