ජනාධිපති ජාතිය ඇමතිය යුතු බව අමාත්‍ය නාමල් පවසයි.

පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතිය යුතුව ඇති බව තම අදහස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ හරහා තම ඉදිරි සැලසුම රටට අනාවරණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන්නේ ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

“ජනාධිපතිවරයා මේ මොහොතේ තම කණ්ඩායම සමග ශක්තිමත්ව ක්‍රියා කිරීම අවශ්‍යයයි. ඔහු දැනටමත් එය සිදුකරමින් පවතිනවා. ජනාධිපතිවරයා ජාතිය අමතා මේ අවස්ථාවේ පවතින සැලසුම් රටට ප්‍රකාශ කළ යුතුයි. ජනාධිපතිවරයා මේ මොහොතේ ගනු ලබන පියවර කුමක්ද කියලා ජනතාව අවධානයෙන් සිටිනවා. අර්බුද සඳහා පමණක් නොව රට ගොඩනැගීම සඳහාත් ජනතාව මේ වගේ එකමුතුබවකින් කටයුතු කරනවා දකින්න මම කැමතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *