ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සම්බන්ධයෙන් තිස්ස ජනනායක මහතා සමාව අයදියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ උපදේශක තිස්ස ජනනායක මහතා සමාව අයැද සිටියි.

ජනනායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “මම මේ රටේ පුරවැසියන්ගෙන් සමාව අයදිනවා. මම මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා රැවටුණා.

තිස්ස ජනනායක කියා සිටියේ තමන් තවත් කිහිප දෙනෙකු සමඟ එක්ව ජනාධිපතිවරයාට සහය පළ කළේ එම තනතුරට සුදුසුම අපේක්ෂකයා තමන් බවට ඇති විශ්වාසය මත බවයි.

ඉදිරි ගමනේදී තමන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත් මධ්‍යස්ථව සිටින බවත් ජනනායක වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *