LK reports news sinhala

ජනපති මෛත්‍රීගේ අන්තිම විදෙස් සවාරියට පවුලේ අය සමග 21ක්

ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය ධූර කාලයේදී සිදුකරන අවසන් විදෙස් සංචාරය වන ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ කිරුළු පැළඳීමේ උත්සවය වෙනුවෙන් යන තෙදින නිල සංචාරය සඳහා අද(21) අලුයම කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගියේය. සිය පවුලේ සාමාජිකයන් සමග දූත පිරිස ලෙස 21 දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක් වී ඇතැයි වාර්තා වේ.
22 අඟහරුවාදා පැවැත්වීමට නියමිත නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේකය සඳහා ලොව රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් එක්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ධූර කාලය නොවැම්බර් 16වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසු අහෝසි වන අතර මෙවර ජපානයට ගිය සංචාරය ඔහු ජනපති ලෙස නිල වශයෙන් ගමන් කළ අවසන් විදෙස් සංචාරයද එය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *