ජනතා අපේක්ෂා යටපත් වෙන 20 වෙනි සංශෝධනයේ ඇතැම් කරුණු ගැන අවධානය යොමුකරන්න – මහා සංඝරත්නය ජනපතිගෙන් ඉල්ලයි

මේ වනවිට රට තුළ කතා බහට ලක්වී ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු වාතාවරණයක් නිර්මාණය වී ඇති පසුබිමක ඉදිරිපත් කර ඇති එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් වෙනස් විය යුතු සංශෝධන කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් ගරුතර මහා සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු යටපත් වන අයුරින් කෙටුම්පතෙහි ඇතුළත් කර ඇති ඇතැම් සංශෝධනයන් පිළිඹද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර සිටින ලෙසටයි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමි, පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි යන ගරු සංඝයාවහන්සේගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර තිබේ.

එම ලිපියේ සම්පූර්ණ පිටපත පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *