ඡන්ද විමසීම මධ්‍යස්ථාන 12,985 කදී, අපේක්ෂකයන් 7,452ක්

පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 12,985 දී අද (05) උදෑසන 07ට ආරම්භ වුනා. මෙවර මැතිවරණයට අපේක්ෂකයින් 7,452 දෙදෙනෙකු තරග කරන අතර ඉන් 208 දෙනෙකුම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්. එමෙන්ම සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක් වේ. මෙවර ඡන්දය භාවිත කිරීම සදහා වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටින දිස්ත්‍රික්කය වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයයි. එම ඡන්ද දායකයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 85,964ක්.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වෙන අතර, ඡන්ද විමසීම අද උදෑසන 07ට ආරම්භ වී පස්වරු 05 ට අවසන් වීමට නියමිතයි. ස්වංය නිරෝධායනයට යොමුව සිටින පුද්ගලයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන්නේ අවසන් පැය වන පස්වරු 4ත් පස්වරු 5ත් අතර වන පැයක කාලසීමාවේදීයි.

විශේෂයෙන් ඡන්ද පොළට ඇතුළුවීමේ දී සියලු ඡන්ද දායකයින් වීෂබීජහරණයට ලක් කෙරෙන අතර මෙවර මැතිවරණයේ දී ඡන්දය සලකුණු කිරීමට නිවසින් පෑනක් රැගෙන ඒමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *