ජනාධිපති

හම්බන්තොට “සිව්මහ වාණිජ නගර” අතරට එක්කරනවා – ජනපති

හම්බන්තොට දිස්ත්‍රික්කයද අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බවට පත්කරමින්, අන්තර්ජාතික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

සිවුමහා වාණිජ නගර අතරට  ඇතුලත් වන සෙසු දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය  යන දිස්ත්‍රික්කයි. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර  කර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය, කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කර තිබූ ජනහමුවලට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *