චීනයේ තවත් කොවිඩ් පොකුරක්

චීනයේ ගුවැන්ෂූ නගරයේ නව කොරෝනා පොකුරක් පැතිර යමින් තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් එම නගරයේ මහ පරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.
ගුවැන්ෂූ නගරයෙන් වාර්තා වන නව කොවිඩ් පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 73 දෙනෙකු හදුනාගෙන ඇත.

ඒ අතරින් ආසාදිතයින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම්කර නොමැති බව විදෙස් වාර්තාවල දැක්වුණි.

මෙම තත්ත්වය පාළනය කිරීම සදහා ගුවැන්ෂූ නගරය ආසන්න ප්‍රදේශවලට නව සංචරණ සීමා ද පනවා ඇත.

ඊයේ දිනයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *