චාල්ස් කුමරුටත් කොරෝනා වැළදේ

71 හැවිරිදි බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමරු හට කොරෝනා වෛරසය වැළදී ඇති බවට සඳහන් කරමින් ඔහුගේ කාර්යාලය විසින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට මෙම වෛරසය ආසාධනය වූයේ කුමන අයුරකින්, කාගෙන්දැයි තවමත් නිශ්චය කළ නොහැකි බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *