චාමර ගැන සුබ ආරංචියක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නවතම තොරතුරක් වාර්තාවිය.

ඒ අනුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදවතේ ගායක චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවය.

මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළේය.

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණි.

මේ අතර මෙම සිදුවීම වාර්තාවීමත් සමග චාමර වීරසිංහ මහතාගේ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් කළුබෝවිල රෝහල වෙත පැමිණීමට පටන් ගැනීමත් සමග එහි ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.

ඒ සමගම රෝහල සහ චාමර වීරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් ආදරණීය රසික රසිකාවියන්ට කාරුණිකව දැනුම්දුන්නේ ඔහුව බැලීමේ අරමුණින් කළුබෝවිල රෝහල වෙත නොපැමිණෙන ලෙසත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *