ගොවීන්ගේ එළවළු හා පලතුරු මිල දී ගැනීමේ දෙවැනි අදියර ක්‍රියාත්මක වේ

ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්ව සිදුකරන ගොවින්ගෙන් එළවළු හා පලතුරු අසවනු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) දිනයේ ආරම්භ වන අතර එය හෙට දිනයේද ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක මුල් කරගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර රට තුළ පවත්නා ඇඳිරි නීති තත්වය හේතුවෙන් තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවට මුහුන දි සිටින ගොවින් වෙත සහනයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම වැඩසටහනේ පළමු අදියර පසුගිය 11 සහ 12 යන දෙදින තුළ පවත්වනු ලැබූ අතර එහිදි එළවළු කිළෝ ග්‍රෑම් දස ලක්ෂයක් මිලදි ගෙන දිවයින පුරා බෙදාහැරීමේ ක්‍රියාන්විතය සාර්ථකව සිදුකළ බව අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වු ජනාධිපති කාර්යය සාධන බලකාය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *