ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ සවස 5.30ට පමණ එම අනතුරු සිදුව තිබුණේ කොල්ලුපිටිය මල්පාර ප්රදේශයේ අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් තුළදීය.
මියගිය පුද්ගලයා කොතලාවලපුර රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.