ගුවන් ගමනේදී හානි වූ හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට නව හෙල්ලක්

ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ඉසව්වට පෙර ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ මහතාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව හෙල්ලයක් ලබාදී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ ස්වීඩනයෙන් නව හෙල්ලයක් ගෙන්වා ජපානයේදී රුමේෂ් තරංග පතිරගේ මහතා වෙත භාරදුන් බවයි.

පසුගියදා පැවති ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී වී යළි ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර ගුවන් ගමනේදී පතිරගේ මහතාගේ හෙල්ලවලට හානි සිදුවී තිබිණි.

එම සිද්ධියෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඔහුගේ පුහුණුවීම් සහ සූදානම්වීම්වලට බාධාවක් නොවන පරිදි අවශ්‍ය උපකරණ වෙනුවට නව උපකරණ ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමට ඉහළ බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩකයෙකු වන පතිරගේ මහතා, පසුගියදා පැවති ලෝක මලල ක්‍රීඩා Ultimate Championship තරගාවලියේදී මීටර් 91.09ක දුරක් හෙල්ල විසි කරමින් දස්කම් දක්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *