ගුවන්විදුලියේ සභාපතිට හා අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම අස්වෙන්නැයි නියෝග

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්‍රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (11) පස්වරුවේ දැනුම් දී ඇති බවට වාර්තා වේ.

අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මෙම පියවර ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට බවයි ආරංචි මාර්ග පවසයි. අදාළ ව්‍යාපාරිකයා මේවනවිට විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *