කොරෝනා

ගැටලු ඇති වුවත් සමාජයේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කරනවා – අගමැති කියයි

බෞද්ධ, මුස්ලිම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජයේ යහපත පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *