ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර එම පුද්ගලයින් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පදිංචි පුද්ගලයින් බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර පවසයි.

මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යලි පැමිණ අය වන අතර ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි රියදුරා ලසෙ කටයුතු කර තිබෙන පුද්ගලයා ඉකුත් 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදීමට ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. අනතුරුව සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව චමින්ද සමරදිවාකර මහතා සඳහන් කරයි.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා වන කොවිඩ් ආසාධිත අනෙක් පුද්ගලයා ගනේමුල්ල ප්‍රදේශයේ දානමය කටයුත්තක් පැවති නිවසකටද ගොස් ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනාද නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කර සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *