කොවිඩ් තත්වය මත තැපෑලට බාධා, සංචරණ සීමා ඇති පෙදෙස් වල තැපැල් කටයුතු නවතී

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වලට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලැබෙන තුරු අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම නවතා දැමීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාසඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ (13) දිනයෙන් ආරම්භ කෙරුණු අතර සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන කිසිදු නිවසක් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරී සිදුනොකළ බව ඔහු සඳහන් කර සිටී. කෙසේවෙතත් 19 සහ 26 යන දිනයන් විශේෂ බෙදීම් දිනයන් ලෙස නම් කර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *