කොරෝනා

හෝමාගම යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා, 35ක් නිරෝධායනයට

හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල සිටින කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම ඔවුන් සමීපව ඇසුරු කළ බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටී.

මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට සිය නිවෙස් බලා පැමිණ ඇති අතර ඔවුන් යලි කන්දකාඩු කඳවුර වෙත කැඳවා තිබෙනවා.

එහිදී කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති අතර රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *