ගමන් කළ ස්ථාන හා පුද්ගලයින් පිළිබඳ දෛනික සටහනක් තබාගන්න – කුලීරථ රියදුරන්ගෙන් ඉල්ලයි

ත‍්‍රීරෝද රථ සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ සැපයුම් කරුවන් සිය වාහනයේ ගමන් ගන්නා පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙසට පොලිසිය ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙසයි පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ විමර්ශන වලදී ඇතැම් පුද්ගලයින් ත්‍රීරෝද හෝ කුලී රථ වලට ගොඩවී ඇති බවට තොරතුරු තිබූණ මුත් ඉන් පසුව ඔවුන් පිළිඹදව කිසිම තොරතුරක් නොමැති බවත්ය. එබැවින් යම් කිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ගමන් ගත් තැනැත්තා ගොඩවූ තැන්, බැසගිය තැන්, මෙන්ම අදාළ කුලී රථ රියදුරු අදාළ දිනය තුළ ගමන් ගත් ස්ථාන ඇතුලත් එම සංචරණ තොරතුරු බොහෝ සෙයින් වැදගත් වනු ඇති බවටයි අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *