කෝටි දෙකහමාරකට ආසන්න මත්පෙති පාර්සලයක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට ඇඟලුම් පාර්සලයක සඟවා එවා තිබූ රුපියල් දෙකෝටි හතළිස් අට ලක්ෂයක වටිනාකමකින් යුක්ත මත්පෙති 4,960ක තොගයක් සමග සැකකරුවකු, කටුනායක ගුවන්තොටුපොළ භාණ්ඩ නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම මත්පෙති තොගය සහ සැකකරු ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *