කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත්

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජය නිවේදනය කරයි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර නැවත සවස 4.00ට පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් ක්‍රියාත්මක වේ. 20 වනදා උදේ 6.00න් පසු ඉවත් කළ ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.

මීට අමතරව කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *