කොරෝනා වෛරස් මර්දන කටයුතු සදහා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 28ක් මෙරටට ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ මෙරට ජනතාවගෙන් මිලියන 14ක පිරිසකට එන්නත ලබාදීමේ අරමුණින් වැඩබලන සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙරේදා (22) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකටයි.
අනුමැතිය හිමිවීමත් සමගම ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක් වැය කරමින් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයේ පළමු අදියර ලෙස මාත්‍රා කෝටියක් ඉන්දියාවේ සීරම් සමාගමෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ලබා ගැනීමට නියමිතයි. ඊට අමතරව තවත් එන්නත් ලක්ෂ 35ක් එංගලන්තයේ ඇස්ට්‍රා සෙනිකා සමාගමෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සෘජුවම මිලදී ගැනීමට නියමිතයි.