කොවිඩ්

කොවිඩ්-19 – මහනුවර තත්වය ගැන රොහල් අධ්‍යක්ෂ කියයි

අකුරණ දී හදුනාගැණුනු කොරෝනා රෝගීන් සිව්දෙනා හැර වෙනත් සැක සහිත රෝගියෙක් මහනුවර මහ රෝහලට වාර්තා නොවුණු බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. දැනට පවතින තත්ත්වය අනුව ඉදිරියේදී මහනුවර පිළිබදව සුභදායී තීරණයකට එළැඹිමට හැකියාව තිබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මොරටුට විශ්ව විද්‍යාලයේ සිසුවකු විසින් දුරස්ථ පාලකයකින් ක්‍රියාරන රොබෝ ට්‍රොලියක් නිෂ්පාදනය කර එය මහනුවර ජාතික රෝහලට ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව රජය ලබා දෙන උපදෙස් හා නිර්දේශ සෑම විටම අනුගමනය කල කළ යුතු බවත් අදාළ අංශ මගින් මහනුවර දිස්ත්‍රික්කයේ වත්මන් තත්වය පිළිබද රජයට දැනුම් දුන් පසු මහනුවර පිළිබඳව තීරණයකට ගැනීමේ හැකියාව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *