කොවිඩ්-19 පිළිඹද අසත්‍ය තොරතුරු පළ කළ තවත් කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය තොරතුරු පළ කරන ලද කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව 50 හැවිරිදි, නාල්ල, නිවුල්දෙණියේ පදිංචාකාරියක් බවත්, ඇය ඊයේ (17) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවත්ය.

ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය තොරතුරු පළ කරන ලද කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 17 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *