කොවිඩ් 19 අරමුදලට ශ්‍රී දළදා මාළිගාවෙන් හා මල්වතු–අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබිණි. එහිදී කොව්ඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් නිලංග දෑල මහතා විසින් පිරිනමනු ලැබිණි.

දළදා වහන්සේ වැදපුදාගත් ජනපති තුමා අනතුරුව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක කොරෝනා වෛරස් මර්ධනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිඹද පැහැදිලි කරන ලදී. රජය ගෙන යන වැඩ පිළිවෙළට ආශිර්වාද පළ කළ මහනායක හිමියෝ කොව්ඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කළහ.

අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපති තුමා උන්වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාරස්ථ මහා සංඝරත්නයද රජය දියත් කර ඇති වැඩපිළිවෙළ පිළිඹදව දැනුවත් කළේය. එහිදී අස්ගිරි විහාරයෙන් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාගයක් ලෙස ලබා දුන්හ.

ඒ අනුව කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාලිගාවෙන් හා මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 2ක මුදලක් පරිත්‍යාග ලෙස ලැබුණු අතර සියළු පාර්ශවයන් වෙත ජනාධිපති තුමා සිය ස්තූතිය පළ කරන ලදී.

1 Comment

  1. Theruvan saranayi haamuduruvane.

    Praarthaneeya bodhiyakin nirvaanaavabodhaya vevaa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *