කොවිඩ් සැක 49ක් සොයා දිවයින පුරා විශේෂ විමර්ශනයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 49 දෙනකු පිළිබඳ තොරතුරු පැය 24 ක් තුළ අනාවරණය කරගන්නා ලෙස දන්වමින් පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දීමක් සිදුකර තිබේ.

ඉකුත් මාර්තු මස 01 සිට 19 වැනිදා දක්වා මෙම 49 දෙනා ඉන්දියාව, සෝමාලියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව, කටාර් යන රටවලින් මෙරටට පැමිණ ඇති අතර අක්කරෙයිපත්තුව පොතුවිල්, රාජගිරිය, අකුරණ, බදුල්ල, හලාවත, පුත්තලම, තිහාරිය, බේරුවල, මුන්දලම, කොළඹ, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, හක්මන, දුම්මලසූරිය, දික්වැල්ල, කොළොන්නාව යන ප්‍රදේශවල මොවුන් පදංචිව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *