ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව පසු ගිය දින 3ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වීමත් සමගම නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ගම්පහ පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඊයේ (09) සවස තීරණය කෙරිණි.
ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගම්පහ නගරයෙහි දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නගරයට පැමිණීමෙන් වලකින ලෙසටයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව පසුගිය 6 වෙනි දින සිට ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වූ බව පතිරගේ මහතා සදහන් කර සිටියි.