මෙරට කොවිඩ් ආසාධිත රෝගීන් වැඩිපුර වාර්තා වීමට පසුගිය දින 4ක 5ක තුළ සිදුවූ රසායනාගාර වාර්තා ප්‍රමාදයක් බලපා ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකට එක් වෙමින්.
එහිදී රෝගීන් වැඩිපුර වාර්තා වීම පිළිඹදව මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්ණයකට ඒ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
“පසුගිය දවස් 4ක – 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“