කොවිඩ් ආසාධිතයින් ගණන ඉහළ යෑමට හේතුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළි කරයි

මෙරට කොවිඩ් ආසාධිත රෝගීන් වැඩිපුර වාර්තා වීමට පසුගිය දින 4ක 5ක තුළ සිදුවූ රසායනාගාර වාර්තා ප්‍රමාදයක් බලපා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශනය වූ වැඩසටහනකට එක් වෙමින්.

එහිදී රෝගීන් වැඩිපුර වාර්තා වීම පිළිඹදව මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්ණයකට ඒ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

“පසුගිය දවස් 4ක – 5ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ බැක්ලොග් එක තමයි ඊයේ ඉදලා ක්ලියර් කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් පොසිටිව් වෙලා ආවේ ඊයේ. ඊයේ නවසිය ගණනක් පොසිටිව් වුණා අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න.“

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *