විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ (10) කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගම මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන්ගෙන් 05 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බවත් සෙසු තිදෙනා කුවෙට්, සිංගප්පූරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 188දෙනෙකු වේ.