කොවිඩ් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළට

ඊයේ (09) දිනයේ තවත් ආසාධිතයින් තිදෙනෙකු හමුවීමත් සමගම මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියා වේ සිට මෙරටට පැමිණ ඇති අයෙකු වන අතර, අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බවයි.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 254 ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2579ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *