කොවිඩ් ආසාදිතයින් ගණන 2,724ක් වේ

සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකුට කොවිඩ් -19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග අද (19) දිනය තුළ පමණක් කොවිඩ් ආසාධිතයින් 20ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අද වාර්තා වූ සෙසු ආසාධිතයින් ගෙන් තිදෙනෙක් කහතුඩුව ප්‍රදේශයෙන්ද, එක් අයෙක් පැල්මඩුල්ල ප්‍රදේශයෙන්ද වාර්තා වී තිබේ. මෙම සිව් දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ සමීපතමයින්ය. මීට අමතරව කටාර් සිට පැමිණි තිදෙනෙක්, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්ද වේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2,724කි. රෝගීන් 678 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2,035ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *