බස්නාහිර පළාතේ නිදැල්ලේ සිටින අපරාධ කල්ලි ගැන හෙළිදරව් කෙරේ

බස්නාහිර පළාත තුළ අපරාධ කල්ලි 25ක් යටතේ සාමාජිකයින් 388 දෙනකු ක්‍රියාත්මක වන බවත් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් 26 දෙනෙක් පමණක් බවත් පොලිසිය පවසා සිටියි. ඒ අනුව බස්නාහිර පළාත තුළ අපරාධ කල්ලි සමාජිකයින් 362ක් තවමත් නිදැල්ලේ ක්‍රියාත්මක වේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ රුපියල් කෝටි 110කට අධික මුදලක් අපරාධකරුවන් අතර සංසරණය වී ඇති බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය නමින් ඒකකයක් හෙට (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *