කොරෝනා වෛරස ආසාදනය වු සංඛ්‍යාව 110 ක් දක්වා ඉහළට (UPDATE)

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගින් තිදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 110ක් වේ.

අද දිනය තුළ මේ දක්වා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 4 දෙනෙකු තහවුරු වී තිබේ.

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළට (Mar 28, 2020 at 14:49)

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් අද (28) වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාධිත රෝගීන්ගේ ගණන 107ක් වේ.

එමෙන්ම වෛරසය වැළදුණු රෝගීන් 98 දෙනෙක් මේ වන විට රෝහල් ගත කර සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *