කොරෝනා වෛරස් විශේෂ 06ක් වවුලන්ගෙන් සොයා ගැනේ

මියන්මාරයේ වෙසෙන වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ වර්ග 06ක් සොයා ගැනීමට විශේෂඥයින් සමත්වී තිබේ.

මෙම වෛරස් 06 කොවිඩ් 19 ඇති වූ SARS-CoV-2 වෛරස් පවුලට අයත් බවත් මෙම නව වෛරස මේ වන විට ලොව පුරා ව්‍යාප්තවන කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විශේෂඥයින් සොයා ගෙන ඇත.

මෙම නව කොරෝනා වෛරසයන් අනෙකුත් සතුන් හරහාද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇත්දැයි යන්න සහ එමගින් මිනිසුන්ට ඇතිවිය හැකි අවධානම පිළිඹද තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව විශේෂඥයින් පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *