කොරෝනා වෛරසය ව්‍යාප්තිය සීමා කිරීමට අවතාර යොදාගත් රටක් (PHOTOS)

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමේ අරමුණින් අවතාර ලෙස සැරසුණු ස්වේච්ඡා සේවකයන් යොදවා මිනිසුන් බිය ගැන්වීමේ උත්සාහයක් ඉන්දුනීසියාවේ ගම්මානයක් වන කෙපු ගම්මානයෙන් වාර්තා වේ.

ජාවා දූපතේ කෙපු ගම්මානය පසුගිය මාසයේ රාත්‍රියේ මුර සංචාර යෙදවීම ආරම්භ කළ අතර නිවසින් බැහැරව ගමන් බිමන්වල යෙදෙන ගම්වැසියන් බිය ගැන්වීම සඳහා තැන් තැන්වල භූත වෙස් ගත් පුද්ගලයන් රඳවා තැබීමට කටයුතු කර තිබේ.

ඉන්දුනීසියානු ජනප්‍රවාදයට අනුව මළ වුන්ගේ ආත්ම ඔවුන් හදුන්වන්නේ “පොකොං” යන නමිනි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව ඉන්දුනීසියාවේ මේ දක්වා කොරෝනා ආසාධිතයින් 4,500 ක් සහ වෛරස් ආසාධනයෙන් මියගිය සංඛ්‍යාව 400 ක් ලෙසටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *