කොරෝනා වෛරසයෙන් තවත් 2 ක් සුව වෙයි. 08ක් දැඩිසත්කාර ඒකකයේ

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි. ඒ අනුව කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල් ගත කර සිටින මුළු රෝගීන් ගණන 97ක් බවයි එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 07 දෙනෙකු අංගොඩ අයි.ඞී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් අනෙක් රෝගියා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් ප‍්‍රතිකාර ලබනවා.

මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 106 ක්. වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 238 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *