කොරෝනා ව්‍යාප්තිය හා රටේ වත්මන් තත්වය පිළිඹද රජය හා එජාපය අතර සාකච්ඡාවක්

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග මෙරට උද්ගතවී ඇති තත්වය පිළිඹදව රජය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී වෛරස් පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිඹද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිඹද එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ ප්‍රසාදය හිමි විය. එමෙන්ම ජනජීවිතයට බාධා නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යායුතු බවට දෙපාර්ශවයේම අවධානය යොමුවූ අතර සාකච්ඡාව පැය දෙකකට අධික කාළයක් පැවැත්වුණි. එම සාකච්ඡාව පිළිඹද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාව පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *