කොරෝනා නිසා නිවාසවලට සිරවී සිටින ජනතාවට ත්‍රිවිධ හමුදාවෙන් මානසික සුව සහනය

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නිවෙස්වල කොටු වී සිටින ජනතාවගේ මානසික සුවතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු නාවික ,ගුවන් හමුදාව සහ පොලීසිය විසින් සංගීත සංදර්ශන පවත්වමින් විශේෂ මානසික සුවතාවය ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති,ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (05) උදෑසන මධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

විශේෂයෙන් මහල් නිවාසවල සිටින ජනතාවට එළියට පැමිණීමට ඉඩක් නොලැබෙන බවත් ඔවුන් වෙනුවෙන්ද මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. අද (5) බම්බලපිටිය හැවලොක් ටවුන් හි මහල් නිවාස සඳහා යුද හමුදාව විසින් තූර්ය වාදක ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

එමෙන් ම සවස රාජගිරිය ප්‍රදේශයේ ද මෙවැනි ම සංගීත සන්ද්‍යාවක් පැවැත්වෙයි. මහල් නිවාසවලම සිට මෙය නැරඹීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කරයි. මානුෂීය හමුදාවක් ලෙස අවශ්‍ය වන්නේ රටේ ජනතාව මෙම කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම බවත් ඒ සඳහා යුද හමුදාව කැපවී සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *