කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් හෙළිදරව් කිහිපයක්

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ඕනෑම දේශගුණයක් පවතින ප්‍රදේශයක පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව උණුසුම්, ශීතල, තෙතමනය ඇතුළු දේශගුණික තත්වයන් පවතින කුමන ප්‍රදේශයක සිටියත් මෙම වෛරසයෙන් වැලකිය හැක්කේ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන පමණක් බවයි. එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය කුමන දේශගුණයක් පවතින පරිසරයක වුවද නොනැසී පැවතිය හැකි වෛරසයක් බවයි.

එම තත්වය මත වෛරසය ශරීරගත වීම වළක්වා ගත හැක්කේ සෑම විටම දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසු පමණක් දෑස්, නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් බවයි සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

සුනඛයන්, බළලූන් වැනි නිවසේ සුරතලයට ඇති කරන සුරතල් සතුන්ගෙන් කොරෝනා වෛරසය මිනිසාට පැතිරෙන බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බවත්, උණු ජලය පානය කිරීමෙන් කොරෝනා වෛරස් ආසාදනය වීම වැළැක්වීමට හෝ එම ආසාදනය සුව කිරීමට නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *