කොරෝනා ආසාධනය වී මිය යන අයගේ මෘත දේහ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනයක්

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධව ගැසට් නිවේදනයක් රජය විසින් මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව එවැනි උවදුරක් වැලැක්වීමේ අවශ්‍යතාවය උදෙසා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් යටතේ විනාඩි 45ත් පැයත් අතර කාලයක් සම්පූර්ණයෙන්ම දැවී යන ලෙස දේහය ආදාහනය කිරීම කළ යුතු වන අතර නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධාරියාගේ අධීක්ෂණය යටතේ අදාළ කටයුතු සිදු කළ යුතු වේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයෙකුගේ අවසන් කටයුතු නිසි බලධාරියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකුට හැර වෙනත් කිසිවෙකුට භාර නොදෙන බවට ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ආදාහනය කිරීම සඳහා එක්වන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිතා කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග එම අවස්ථාවේදීම මිනී පෙට්ටිය ද සමඟින් පුළුස්සා දැමිය යුතුයි.

මිය ගිය තැතැන්තාගේ භෂ්මාවශේෂ ළඟම ඥාතියා වෙත භාර දෙනු ලැබිය හැකි බවට ද රජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *