කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් නිකුත් වූ පී.සී.ආර්. වාර්තාවලට අනුව තවත් කොවිඩ් ආසාදිතයන් සිව් දෙනෙක් හා, මින් පෙර කොවිඩ් ආසාදිතයන් හමුවූ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් එක් ආසාදිතයෙක් ඇතුළුව කර්මාන්ත පුරයෙන් නව කෝවිඩ් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසා සිටියි.
මෙම කෝවිඩ් ආසාදිතයන් ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහලේදී හා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණ වලට අනුව වාර්තා වී ඇති අතර තහවුරු වූ එම ආසාධිතයින් රජ්ගම කහඳ බද්දේගම සහ කඹුරුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඉකුත් සතිය තුළද කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකකින් කෝවිඩ් ආසාදිතයන් 11 ක් සොයාගෙන ඇති අතර, මෙම රෝගීන් සියලුම දෙනා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.