කුඩා දරුවන් පිළිඹද අවදානයෙන් සිටින්න, “කවසකි” රෝගය ලංකාවේ

කොවිඩ් 19 පැතිරයාමත් සමගම කුඩා දරුවන් අතර ලොව පුරා රටවල් කිහිපයකින් වාර්තා වූ “කවසකි” රෝගය ලංකාවේ ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.

ඒ අනුව,

  • ‍කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණ
  • දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වීම සහ ඇස් රතුවීම
  • සිරුරේ රතු ලප ඇතිවීම හා බෙල්ලේ වසා ගැටිති ඉදිමීම

යන මූලික රෝග ලක්ෂණ පවතීනම් එය “කවසකි” රෝග ලක්ෂණ විය හැකි බවටයි වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම කොවිඞ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසටත් විශේෂඥ වෛද්‍යවරයා මව්පියන්ට අවධාරණය කර සිටී.

“කවසකි” ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බැවින් වැඩි අවධානයකින් පසුවන ලෙසත්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

මේ වනවිටත් කවසකි රෝගය වැලඳුණ බවට සැක දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

(කවසකි රෝග ලක්ෂණ පිළිඹද ඡායාරූපයක්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *